ලංකාවේ රේඩියෝපති සිරස FM

ලංකාවේ රේඩියෝපති සිරස FM සිය 22 වැනි සංවත්සරය පසුගිය මාර්තු 02 වැනිදා මහත් අභිමානයෙන් සමරනු ලැබුවා. එහි කටයුතු ආරම්භ වූයේ රත්නපුර,කිරිඇල්ල, බටහිර මුදුන්කොටුව ශ්‍රී මහින්දාරාමයේ පැවැත්වුණු ආගමික වතාවත් සමගයි. සිරස FM 22 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධාන කර තිබුණු සැමරුම් උත්සවය පැවැත්වුනේ පන්නිපිටිය , දෙපානම , අරලිය උයන, සිරස මැදිරි සංකීර්ණයේදී. සැමරුම් උත්සවයත් සමගම, ගායක – ගායිකාවන් 22දෙනෙකුගේ සහභාගීත්වයෙන් සංවත්සර සාදයද පැවැත්වුණා. සාදය සංගීතවත් කළේ ගැලැක්සීස්. සංවත්සර සාදයෙන් පසු සිරස FM හතර මහා නිධානය ජයග්‍රාහකයන් 50දෙනෙකුට ත්‍යාග ලබා දීම සිදු වුණා. එහිදී ට්‍රුක් රථ , යතුරු පැදි , LED රූපවාහිනී සහ ස්මාට් ජංගම දුරකථන ප්‍රදානය සිදු වුණේ පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් අතින්. සිරස මැදිරි සංකීර්ණයේ මෙම කටයුතු සිදු වන අතරතුර , ගමයි පන්සලයි සිරස රේඩියෝවයි වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය වන 100වැනි විහාරස්ථානය වශයෙන් රත්නපුර, කිරිඇල්ල, බටහිර මුදුන්කොටුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද ආරාමභ කෙරුණා. එහිදී විශේෂ ආශිර්වාද අධිෂ්ටාන අබ තෙල් පහන් පුජාවක් පැවැත් වුණේ කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්. සංවත්සර දින වැඩසටහන් පෙළ මේ අන්දමින් සිදුකළ අතර, සිරස සංවත්සර වැඩසටහන් මාලාව වසර පුරා ක්‍රියාත්මකයි. සිරස FM 22වැනි සංවත්සර දින රත්නපුර, කිරිඇල්ල , බටහිර මුදුන්කොටුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ සහ කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමියන් විසින් පැවැත් වූ ආශීර්වාද අධිෂ්ටාන අබ තෙල් පහන් පූජාවේ අවස්ථා කිහිපයක් මේ…