GM Mahaththaya – වසර 15ට පෙර ලැබුනු ඊ මේල් පණිවුඩය

මාක් සකර්බර්ග් ( Mark Zuckerberg ) කියන්නේ ලෝකයම හොඳින් හඳුනන Facebook සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයා. වර්තමානයේ ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් සේවය කරනවා. අද වන විට මාක්ගේ රූපය නොදන්නා කෙනෙක් නැති තරම්. ඒත් , ඔබ මේ දකින්නේ මීට අවුරුදු 15 කට පෙර මාක් සකර්බර්ග් ගේ රූපය. හාවඩ් ( Harvard ) විද්‍යාලයෙන් මාක් සකර්බර්ග් ට ලැබුණු e-mail පණිවිඩයක් විවෘත කරන අවස්ථාවේදී සකර්බර්ග් ගේ පියා මෙම වීඩියෝව ලබාගෙන තිබෙනවා.