GM Mahaththaya – හුසේන් බෝල්ට් හඩපු හැටි

මිහි මත වේගවත්ම මිනිසා තමයි උසේන් බෝල්ට්. ඔහු ජයග්‍රහණයත් සමඟ හිනා වෙන හැටි අපි නිතරම දකිනවා. ඔහු හඬා වැටෙනවා අපි දැකලා නෑ. ඒත් පහුගිය දවසක උසේන් බෝල්ට් හඬා වැටුණා. ඒ තමන්ගේ හොඳම මිතුරෙක් වූ, මහා බ්‍රිතාන්‍ය නියෝජනය කළ, ඔලිම්පික් උස පැනීමේ රිදී පදක්කම් ලාභී ජර්මෙයින් මේසන් ( Germaine Mason ) රිය අනතුරක් නිසා මිය යාම හේතුවෙන්. ජැමෙයිකාවේදී පැවැත් වූ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ බෝල්ට් හඬා වැටෙන අන්දම දකින්න ලැබුණා. එසේම, තමන්ගේ හොඳම මිතුරාව මිහිදන් කිරීම සඳහා ස්ථානය සකස් කිරීමේ කටයුතු සඳහා ද බෝල්ට් තම දායකත්වය දක්වා තිබුණා