GM Mahaththaya - 05.12.16 Part 02 - Sirasa FM

sfmbanner

Now On Air : 7 Kanisama

Coming Next : Pansil Handawa

GM Mahaththaya – 05.12.16 Part 02

මේ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ගුවන්යානය, 2018 දී අභ්‍යවකාශය අද්දරට යවන්න සූදානම්. ඒ කියන්නේ පොලොවේ සිට අඩි 75,000 ක් ඉහළ අහසට මේ ගුවන් යානය යවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉහළට යැවීම සඳහා පැය 2 ක්, අහසේ රැඳී සිටීමට විනාඩි 15 ක් සහ යළිත් පොළොවට පැමිණීමට පැය 3 ක් ගත වන බව ප්‍රකාශ වෙනවා. දෙදෙනෙක් සඳහා පමණක් පහසුකම් ඇති මෙම ගුවන් යානයේ දිග මීටර 8.5 ක්. කිලෝ වොට් 32 ක විදුලි එන්ජිමක් සහ කිලෝ වොට් 20 ක ලිතියම්-අයන් බැටරි ආධාරයෙන් මෙම ගුවන් යානයට බලය සැපයීමට නියමිතයි. මෙම ගුවන් යානය ජර්මානු නිෂ්පාදනයක්. මේ තිබෙන්නේ, ගුවන් යානය අභ්‍යවකාශය අද්දරට ගිය පසු දිස්වන අකාරය නිරූපණය වන රූප රාමු පෙළක්.