KELT-9b

පර්යේෂකයන් මෙතෙක් සොයාගත් උණුසුමින් වැඩිම ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීමට පසුගියදා සමත් වුණා
KELT-9b වශයෙන් හඳුන්වන මෙම ග්‍රහලෝකය තිබෙන්නේ පෘථිවියට වඩා ආලෝක වර්ෂ 650ක් පමණ දුරකින්
මෙම ග්‍රහලෝකයේ උෂ්ණත්වය සෙලියස් අංශක 4327ක් වන බව පර්යේෂකයන් ප්‍රකාශ කරනවා
KELT-9b ග්‍රහලෝකය සොයා ගැනීමට පෙර උණුසුමින් වැඩිම ග්‍රහලෝකය වූ WASP-33b හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 3200ක් ලෙස සටහන් වුණා
එම ග්‍රහලෝකය තිබෙන්නේ පෘථිවියට වඩා ආලෝක වර්ෂ 380ක් පමණ දුරකින් බව පර්යේෂකයින් ප්‍රකාශ කරනවා
KELT-9b ග්‍රහලෝකයේ පවතින අධික උෂ්ණත්වය නිසා එහි ජලය හෝ ජීවයක් පැවැතිය නොහැකි බව පර්යේෂකයන් විශ්වාස කරනවා
( මේ සමඟ තිබෙන්නේ අදාළ ග්‍රහලෝකය සම්බන්ධ නිර්මාණාත්මක සිතුවම් කිහිපයක් සහ එම ග්‍රහලෝකය සොයා ගැනීමට උපකාරී වූ දුරේක්ෂයයි )