Sathi Aga Saadaya – 07.07.17

තමන්ගේ සුරතල් සත්වයාගේ මුහුණ, හොඳ තත්වයෙන් ඡායාරූප ගත කරන එක පහසු වැඩක් නොවෙන්න පුළුවන්.
මොකද, සුරතල් සත්තු එක තැනක ඉන්නේ නෑනේ ?
ඡායාරූපයට අවශ්‍ය විදිහට සුරතල් සතාව එකම ඉරියව්වක තියාගන්න පහසු නෑ.
මේ ප්‍රශ්නයට සරළ සහ නිර්මාණශීලි පිළිතුරක් තියෙනවා.
ලොස් ඇන්ජලීස් නගරය කේන්ද්‍ර කරගත් සමාගමක් තමයි මේ නිර්මාණශීලි පිළිතුර හොයාගත්තේ.
අදාළ සමාගම ස්මාට් ජංගම දුරකතනයට හෝ ටැබ්ලට් පරිගණකයට සවි කළ හැකි කුඩා උපකරණයක් නිර්මාණය කළා.
මෙම උපකරණය භාවිත කිරීමෙන් සුරතල් සත්වයාගේ ඉතා හොඳ තත්වයේ ඡායාරූපයක් ලබාගත හැකි බව සමාගම ප්‍රකාශ කරනවා.
ඒ කියන්නේ සුරතලාගේ මුහුණ ඉතා හොඳින් දුරකතනයේ හෝ ටැබ්ලට් පරිගණකයේ කැමරාව දෙසට යොමු කරගැනීමට හැකියාව ලැබෙනවා.
සුරතල් සතුන්ට ආදරය කරන ඔබටත් මේ උපකරණය හොඳ විසඳුමක් වෙන්න පුළුවන්.